මෝදි ඉදිරියෙන්

ජූනි 04, 2024
    ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.
    අලුත්ම තත්වය අනුව පැහැදිලි වන්නේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානය ආසන 294 කදී ඉදිරියෙන් සිටින බවයි.

    නිකුත් කොට ඇති නිල ප්‍රතිඵල අනුව, භාරතීය ජනතා පක්ෂ සන්ධානය ආසන 3 ක්ද, කොංග්‍රස් සන්ධානය ආසන 2 ක්ද හිමි කරගෙන සිටිනවා.

    ඡන්දය ගණන් කෙරෙමින් පවතින ආසනවලදී වැඩි බලයක් හිමි කරගෙන ඇත්තේ, භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි.

    මේ වන විට ආසන 294 කදී එම සන්ධානය ඉදිරියෙන් සිටියත්, පෙර පැවති ශක්තිමත් තත්වය අත්කර ගැනීමට ඊට හැකිවේද යන්න ප්‍රශ්නයක් වී තිබෙනවා.

    අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ ප්‍රතිඵල පෙන්නුම් කරන කොංග්‍රස් සන්ධානය ආසන 231 කදී ඉදිරියෙන් සිටිනවා.
    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2024 16:03

    Latest News