මෝදි රුසියාවට

ජූලි 09, 2024
    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිල සමුළුවක් සඳහා ඊයේ රුසියාවට පැමිණියා.
    ඔහු අද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
    ඉන්දීය අගමැතිවරයා සිය තෙවැනි ධුර කාලය ආරම්භ වීමෙන් පසු රුසියානු සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙයයි.
    ඔහු සහ රුසියානු ජනාධිපතිරවයා අතර ඊයේ කෙටි හමුවක් ද සිදු වුණා. දීර්ඝ වශයෙන් අද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
    සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මෙම ද්විපාර්ශ්වික සමුළුව සංවිධාන කිරීම පිළිබඳ රුසියානු ජනාධිපතිවරයාට සිය කෘතඥතාව පළ කරන බවයි.
    ඉන්දීයාව හා රුසියාව අතර පවතින වෙළෙඳ පරතරය පිළිබඳ මෙම සමුළුවේ දී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගැනෙන අතර, බලශක්ති හා න්‍යෂ්ටික සහයෝගීතාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.

    Latest News