මෝදිගේ දිවුරුම්දීමේ උලෙළට ජනපති යයි

ජූනි 06, 2024
    තමා නව අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන්නැයි, ඉන්දීය අගමැති නරෙන්ද්රද මෝදි මහතා, ජනාධිපති රනිල් වික්රඅමසිංහ මහතාට ඇරයුම් කර තිබෙනවා.
    දුරකථන සංවාදයකදී ඉන්දීය අගමැතිවරයා පුද්ගලිකවම මෙම ආරාධනය ශ්රීු ලංකා ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි, ජනාධිපති මාධ්ය අංශය ප්රයකාශ කර තිබෙන්නේ.
    ජනාධිපති මාධ්යි අංශය නිකුත් කළ ‘එක්ස්’ සටහනක දැක්වෙන්නේ, ශ්රීි ලංකා ජනාධිපති රනිල් වික්රකමසිංහ මහතා, මැතිවරණ ජයග්රෙහණය වෙනුවෙන් ඉන්දීය අග්රාජමාත්යව නරේන්ද්ර මෝදි මහතාට දුරකථන ඇමතුමකින් සුබ පැතූ බවයි.
    එහිදී, දිවුරුම් දීමේ උලෙළට සහභාගී වීම සඳහා වන ඇරයුම ඉන්දීය අගමැතිවරයා විසින් ශ්රී ලංකා ජනාධිපතිවරයා වෙත සිදු කර තිබෙනවා.
    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 12:50

    Latest News