සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ විද්‍යුත් දුම්වැටි තහනම්

ජූනි 26, 2019

    ‍අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ විද්‍යුත් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර තිබේ. එවැනි තීරණයකට එළැඹි අමෙරිකාවේ ප්‍රථම නගරය මෙයයි.

    විද්‍යුත් දුම්වැටිවලින් සිදුවන සෞඛ්‍යමය බලපෑම් පිළිබඳ නිසි තොරතුරු අනාවරණය වන තෙක් මෙම තහනම ක්‍රියාත්මකයි. අමෙරිකාවේ වඩාත් ජනප්‍රියම විද්‍යුත් දුම්වැටි නිෂ්පාදකයා වන ජූල් ලැබ්ස් සමාගම පිහිටා ඇත්තේ ද සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ.

    එහි නගරාධිපති ලොන්ඩොන් බ්‍රීඩ් ගත් මෙම තීරණය, දුම්වැටි උරන්නන් සැබෑ දුම් වැටි කෙරෙහි යොමු කරලීමට හේතුවක් විය හැකි බවයි, දුම්වැටි නිෂ්පාදක සමාගම පවසන්නේ.

    Last modified on බදාදා, 26 ජූනි 2019 10:27

    Latest News