රහසේ ගෙන්වූ විදෙස් දුම්වැටි තොගයක් එළියට

ජන 22, 2020

    නීති විරෝධී ලෙස ගෙන්වූ විදෙස් දුම්වැටි සහ බියර් ටින් තොගයක් මහනුවර දී සොයාගෙන තිබේ.

    සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනිණ. වැටලීම සිදුකළේ මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයයි. එම ඒකකයට ලැබුණු තොරතුරකට අනූව ඊයේ පස්වරුවේ සිදුකළ ක්ෂණික වැටලීමක දී මෙම දුම්වැටි සහ බියර් හමුවිය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 5ක් පමණ.

    මෙම ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත්තේ, බදු මුදල් වංචා කරමින් බව හෙළිවී තිබේ. සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 10:08

    Latest News