දුම්වැටි සඳහා බදු ඉහළට

දෙසැ 05, 2019

    දුම්වැටි සදහා වන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ අනුව, දෙසැම්බර් පළවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියේ දිග අනුව රුපියල් 1 යි ශත 68 සිට රුපියල් 6 යි 15 දක්වා එම බදු ඉහළ නැංවෙනු ඇත. මහා භාණ්ඩාගාරය මේ සම්බන්ධයෙන් සුරාබදු නීතිය යටතේ නියෝගයක් නිකුත් කර ඇති අතර මෙම බදු ඉහළ නැංවීම සිදුකර ඇත්තේ රජය විසින් වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අඩු කිරීමට සමානුපාතිකව බව රජය පවසයි.

    එහෙත් දුම්වැටිවල මිල ඉහළ නැංවීමක් සිදුනොවන බව ලංකා දුම්කොළ සමාගම ප්‍රකාශ කළේය. වැට් බද්ද සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කිරීමටත්, ජාතිය ගොඩනැගීමේ බද්ද දේශීය භාණ්ඩ සදහා ඉවත් කිරීමටත් රජය පසුගියදා පියවර ගැනිණ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 09:58

    Latest News