ලේකම් පොම්පියෝ - ඇෆ්ගන් ජනපති හමුවෙයි

ජූනි 26, 2019

    අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ඝානි හමුවී තිබේ.

    තලෙයිබාන් සංවිධානය සමග පැවැත්වෙන සාම සාකච්ජා කෙරෙහි අවධානය යොමු කිරීම ද එහි අරමුණක්. රාජ්‍ය ලේකම්වරයා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සාකච්ජා කිරීම සඳහා ඉන්දියාවට යන අතරතුර ඇෆ්ගනිස්ථානයට පැමිණියේය.

    තලෙයිබාන් සංවිධානයේ නායකයන් හා අමෙරිකානු නිලධාරීන් සමග 7 වැනි වටයේ සාකච්ජා ලබන 29 වැනිදා ඇරඹීමට නියමිතයි. ඒ කටාර් රාජ්‍යයේ දෝහාවලදී. වසර 18ක් පුරා පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන සංග්‍රාමය සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමට මෙම සාකච්ජා පැවැත්වෙයි.

    Latest News