බොන්න ඉස්සර වැකිය කියන කැනඩා වැසියෝ

අගෝ 02, 2023

    දුම්වැටි නිවාරණය සහ යෞවනයන් දුම්පානයට පෙළඹීම වැළැක්වීමේ අරමුණින් කැනඩා රජය නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

    එහි එක් පියවරක් වන්නේ, දුම්වැටි මත අනතුරු ඇඟවීමේ පාඨ මුද්‍රණය කිරීමයි.

    දුම්වැටි මත මෙවැනි වැකි මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇති පළමු රට කැනඩාව ලෙසයි වාර්තා වන්නේ.

    යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් දුම්වැටි භාවිතයට පෙළඹීම අවම කර ගැනීම කැනඩා රජයේ අපේක්ෂාවයි. 'සිගරට් පිළිකා ඇති කරයි සහ දුම්වැටි ඉරීමේ වාරයක්, වාරයක් පාසා වස ආග්‍රහනය කරන අවස්ථාවක්' ලෙසයි ඔවුන් එහි මුද්‍රණය කොට ඇත්තේ.

    ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂාවලින් මෙම වාක්‍ය ඛණ්ඩ මුද්‍රණය කොට තිබෙනවා. 2024 ජුලි මස සිට අනතුරු ඇඟවීමේ සහතික නිකුත් කිරීම අනිවාර්ය වනවා.

    2026 වන විට නව වාක්‍ය ඛණ්ඩ 6 ක් දුම්වැටි මත මුද්‍රණය කිරීමට නියමිතයි. 2035 වන විට දුම්වැටි භාවිතය සියයට 5 දක්වා අවම කර ගැනීම කැනඩා රජයේ අපේක්ෂාව වී තිබෙනවා.

    Latest News