ලක්ෂ 35ක දුම්වැටි රේගු දැලේ

ජන 04, 2020

    නීති විරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙනආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

    අබුඩාබි සිට පැමිණි යුඑල් 208 දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ අද අළුයම 5.30ට පමණ. කාටූන් 287ක් හා ඇසුරුම් 129ක දුම්වැටි 59980ක් තිබූ බවයි රේගු මාධ්‍ය පවසන්නේ. ඒවායේ වටිනාකම රුපියල් 3,598,800ක්. ගුවන්තොටුපොළ රේගුව මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 09:51

    Latest News