සෞදි ගුවන් තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක්

ජූනි 13, 2019

    සෞදි අරාබියේ ගුවන් තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    නිරිතදිග සෞදි අරාබියේ පිහිටි අබා ගුවන් තොටුපොළට ඊයේ මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදුවිය. අදාළ ප්‍රහාරය යේමනයේ හව්ති කැරළිකරුවන් විසින් සිදු කොට ඇති බවයි, සැකපළ කෙරෙන්නේ. ප්‍රහාරය පිළිබඳව සෞදි ආරක්ෂක අංශ පරීක්ෂණ සිදු කරයි.

    අදාළ ප්‍රහාරයේ වගකීම මෙතෙක් බාරගෙන නැහැ. යේමන දේශසීමාවට කිලෝ මීටර 200ක් පමණ උතුරින් මෙම ගුවන් තොටුපොළ පිහිටා තිබේ. කාන්තාවන් තිදෙනෙකු හා ළමුන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි හමුදා ප්‍රකාශකවරයෙක් පවසා ඇත්තේ. යේමන රජය හව්ති කැරළිකරුවන් සමඟ වසර 4ක් තිස්සේ යුද වදියි. සෞදි අරාබි නායකත්වයෙන් අරාබි රටවල් 4ක මිශ්‍ර හමුදා යේමනයට සහය දක්වයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 07:46

    Latest News