ඒ පවුම් මිලියන 5කට වැඩි මුදලකටයි. මෝල්ටාවේ පිහිටි මෙම නිවස ඉදිකර ඇත්තේ, 1900 දී පමණ. එළිසබෙත් රැජින සහ පිලිප් කුමරු 1949 සිට 1951 දක්වා කාලය තුල මෙම නිවසේ වාසය කර තිබේ. ඒ පිලිප් කුමරු නාවික හමුදා නිලධාරියෙකු ලෙස මෝල්ටාවේ සේවය කළ කාලය තුළයි.
මෝල්ටාවේ අගනුරව වන වැලේටා නගරයෙන් පිටත පිහිටා ඇති මෙම නිවාසය ගරාවැටීමෙන් තිබීම එම විකිණීමට හේතුවී තිබේ.