ඒඩන් ගුවන්තොටුපොළට එල්ලවූ ප්‍රහාරයෙන් 22ක් මරුට

දෙසැ 31, 2020

    යේමනයේ ඒඩන් ගුවන්තොටුපොළ වෙත ඊයේ එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙක් මිය‍ගොස් තිබේ.

    අලුතින් පිහිටුවන ලද කැබිනට් මණ්ඩලය ප්‍රහාරය සඳහා ඉලක්ක කර ගෙන ඇති බව යේමන් රජය පවසයි. සෞදි අරාබියේ මූලිකත්වයෙන් පත්කරන ලද කැබිනට් මණ්ඩලය රැගත් ගුවන් යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව පළමු පිපිරීම සිදුව තිබේ.

    මෙය බොහෝ දුරට මෝටාර් ප්‍රහාරයක් වන බවයි, ආරක්ෂක අංශ සැක කරන්නේ. ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු දෙවැනි පිපිරීම ජනාධිපති මන්දිරය අසළ දී සිදුවූවක්. සිද්ධියෙන් කිසිඳු කැබිනට් මණ්ඩල සාමාජිකයෙක් හට අනතුරක් සිදුවී නැති බව අග්‍රාමාත්‍ය මේන් අබ්දුල්මලික් ප්‍රකාශ කර සිටියි.

    ප්‍රහාරයට සැක කෙරෙන පාර්ශවය වන ඉරාන භූටි සටන්කාමීන් සමග තම රජය මුහුණ දෙන අසීරුතාවය පිළිබඳ අගමැති අබ්දුල් මලික් තවදුරටත් විදෙස් මාධ්‍ය වෙත කරුණු දැක්වීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 දෙසැම්බර් 2020 11:20

    Latest News