යුක්‍රේනයේ ප්‍රධාන නගරවලට ප්‍රබල ප්‍රහාර....

මාර් 13, 2022

    රුසියානු හමුදාව, යුක්‍රේනයේ ප්‍රධාන ආර්ථික නගර වන මරියපොල් හා සුමී යන නගර ඉලක්ක කර ගනිමින් ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

    ඒ සඳහා පොකුරු බෝම්බ සහ කෘෘස් මිසයිල යොදා ගන්නා බවට නේටෝ සංවිධානය සහ අමෙරිකාව චෝදනා කරනවා. රුසියානු ප්‍රහාරවලින් මේ වනවිට ආරක්‍ෂක අංශ සාමාජිකයන් 1,300කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බවයි, එරට ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරන්නේ.

    රුසියානු හමුදා විසින් පළමුවරට යුක්‍රේනයේ ප්‍රධාන නගර දෙකක් වන නිප්‍රෝ හා ලස්ටිස්ක් යන නගරවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ තත්වයත් සමඟ විවිධ රටවලින් 20,000කට අධික යුද පුහුණුව ලැබූවන් යුක්‍රේනයේ සහයට මේ වනවිටත් පැමිණ ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    Latest News