ඉන්දියාව සඳමත දෙවන ගමනට සැරසේ

ජූනි 12, 2019

    සඳ ගවේෂණය සඳහා වන දෙවන මෙහෙයුම, ජුලි 15 වැනිදා ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් වේ.

    මෘදු ගොඩබැස්වීමක් ලෙස සඳ මතට යානයක් ගොඩබස්වන ලොව සිව්වන රාජ්‍යය ඉන්දියාවයි. මේ දක්වා එවැනි මෙහෙයුමක් සිදුකර ඇත්තේ අමෙරිකාව, සෝවියට් සමූහාණ්ඩුව සහ චීනයයි. “චන්ද්‍රයාන් 2“ ලෙස නම් කර ඇති මෙහෙයුම සඳහා වැය කෙරෙන මුදල ඉන්දියානු රුපියල් කෝටි දහසක්. යානය කක්‍ෂගතකරණය, ගොඩබැස්වීමේ යාන්ත්‍රණය සහ රෝවරය යන මොඩියුල 3කින් සමන්විතවේ. එය ගොඩබැස්වීමට නියමිතව ඇත්තේ සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවය ප්‍රදේශයටයි.

    මේ දක්වා කිසිදු රාජ්‍යයක් එම ප්‍රදේශයේ යානයක් ගොඩබස්සවා නැහැ. සඳ මතුපිට පාෂාණ සැකැස්ම, ජලය සහ ඛනිජ පිළිබඳ අධ්‍යයනය කිරීම ඊට පැවරෙන වගකීමයි. “චන්ද්‍රයාන් 2“ මේ වනවිට බැංගලෝරයේ පිහිටි ඉන්දියානු අභ්‍යාවකාශ ආයතනයේ දී විද්‍යාඥයන්ගේ අවසන් අධීක්‍ෂණයට ලක් කෙරේ. ඒජන්සිය පවසන්නේ මෙහෙයුම තම ආයතනයට පැවරුණු වඩාත්ම සංකීර්ණ කාර්යභාරය බවයි.

    Last modified on බදාදා, 12 ජූනි 2019 19:03

    Latest News