බුර්කිනා හමුදාකඳවුරු ඉලක්කයට සිවිල් 35ක් මරුට

දෙසැ 26, 2019

    බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝනි පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    ඉන් සිවිල් වැසියන් 35 දෙනෙකු මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ. මියගිය අය අතරින් 31 දෙනෙකු කාන්තාවන් බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ප්‍රහාරය ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් ඊයේ එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ. ත්‍රස්තවාදීන් විසින් ඊයේ එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. ත්‍රස්තවාදීන් හා බුර්කිනා ෆාසෝ හමුදා භට පිරිස් අතර ඇති වූ ගැටුමෙන් හමුදා නිලධාරීන් හත් දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් පවසයි.

    ගැටුමෙන් මියගිය ඉස්ලාමීය ත්‍රස්තවාදින් ගණන 80ක්. ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිවිල් වැසියන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා දින දෙකක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

     

    Latest News