සෞදිය අභ්‍යන්තර ගුවන් ගමන් අරඹයි

ජූනි 01, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ ඇතැම් සීමාවන් ලිහිල් කිරීමට සෞදි අරාබිය කටයුතු කරමින් සිටියි. ඒ අනූව, ඊයේ සිට එරට අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට අවසර හිමිව තිබේ.

    සෞදි අරාබි ගුවන්තොටුපොළ 11ක මෙලෙස අභ්‍යන්තර ගුවන් සේවාවන් ආරම්භ කිරීමටයි, කටයුතු කර ඇත්තේ. එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ, අද සිට තවත් ගුවන් තොටුපොළ දෙකක මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. වෛරස ව්‍යාප්ති පාලනයට පැනවූ සීමාවන් අදියර තුනක් යටතේ ලිහිල් කිරීමට සෞදි රජය තීරණය කර තිබේ. ඒ අනූව, එරට ඇඳිරිනීතිය එළැඹෙන 21 වැනිදායින් අවසන් වන නමුත්, වෛරස ව්‍යාප්ති පාලනයට සෞඛ්‍ය අංශ පනවා ඇති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමට සහ යාඥා කිරිම සදහා තමන්ගේම ඇතිරිල්ලක් භාවිත කිරීමට ද උපදෙස් ලබා දී තිබේ. සෞදි අරාබියේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 83,000 ඉක්මවා ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 400කට අධිකයි.

    Latest News