අල්ලස් ගත් පේරු විපක්ෂ නායිකාව සිර ගෙදරට

නොවැ 02, 2018

    පේරු රාජ්‍යයේ විපක්ෂ නායික කෙයිකෝ පුජිමෝරිට වසර 3ක සිර දඩුවම් නියමකර තිබේ. ඒ, අල්ලස් චෝදනාවකට වරදකරුවීම හේතුවෙන්.

    පේරු අධිකරණය විසින් අදාළ දඩුවම් ඊයේ නියම කෙරිණ. දුෂණ චෝදනා නඩු විභාගයට මුහුණ දෙනතෙක් වසර 3ක කාලයක් ඇයව සිරගත කරන ලෙසයි අධිකරණය නියම කර ඇත්තේ. 2011 වසරේ දී බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගකින් අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පේරු විපක්ෂ නායිකාවට චෝදනා එල්ල වී තිබේ.

    එහෙත්, ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. නඩු විභාගයට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමටයි, ඇයගේ නීතීඥයන් අපේක්ෂා කරන්නේ. 43 හැවිරිදි කෙයිකෝ පුජිමෝරි 2011 හා 2016 වසරවල ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව තිබේ.

    Latest News