විපක්ෂ නායකතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය

අප්‍රේ 14, 2023

    අන්ධකාරය නිමා වී සෞභාග්‍ය සම්පන්න අලුත් අවුරුද්දක් උදා වේවායි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රාර්ථනා කරනවා.

    වසර කිහිපයක් තිස්සේ ලක්වාසී ජනතාවට අලුත් අවුරුද්ද ‍උදා වූයේ අභියෝග රැසක් මධ්‍යයේ. එහෙත්, සමස්ත ජනතාවගේ එකම බලාපොරොත්තුව වන්නේ, රටට ජනතාවට, සෞභාග්‍යමත් හා නිරෝගීමත් භාවය ප්‍රාර්ථනා කිරීමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, සෞභාග්‍ය සම්පන්න දීප්තිමත් අනාගතයක් උදෙසා අධිෂ්ඨානශීලීව පෙළ ගැසීමේ ශක්තිය අප රටේ සමස්ත පුරවැසි පරපුරට ලැබේවායි, සජිත් ප්‍රේමදාස මහතාගේ අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන්.

    Latest News