ට්‍රක් රථයක් පෙරලී ඔටුවන් මියයයි

නොවැ 01, 2018

    ඉන්දියාවේ කාන්තාර ප්‍රදේශයක් ලෙස සැලකෙන චූරු නගරය ආසන්නයේ දී ඔටුවන් ප්‍රවාහනය කෙරෙමින් තිබූ ට්‍රක් රථයක් පෙරලී තිබේ.

    සිද්ධියෙන් සතුන් 07 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. මෙම ට්‍රක් රථයෙන් ඔටුවන් 13 දෙනෙකු ප්‍රවාහනය කර ඇත.

    එම සතුන් චූරු නගරය දක්වා රැගෙන ගොස් ඇත්තේ, දකුණු දිග හයිද්‍රාබාද් නගරයේ සිටයි. රථය සතුන් ප්‍රවාහනයට යෝග්‍ය එකක් නොවන අතර, ඔටුවන් අධික තෙරපීමකට ලක්ව ඇති බව වාර්තාවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 19:22

    Latest News