මරණයේ කන්ද නැගි අවාසනාවන්තයෝ

සැප් 19, 2023

    පේරු රාජ්‍යයේ රිය අනතුරකින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    පේරු රාජ්‍යයේ, ‍ඇන්ඩිස් කඳුකර ප්‍රදේශයේ දී නගරාන්තර බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, පෙරළීමෙන් අනතුර සිදුව තිබෙනවා.

    අනතුර සිදුවූ මාර්ගය පසුගිය මාසයේ දී නායයෑමකට ද ලක්ව තිබුණා.
    එය ප්‍රතිසංස්කරණය නොකිරීම ද අනතුරට හේතුවී ඇති බවයි, වාර්තා වී ඇත්තේ.
    ප්‍රදේශවාසින්ට සහ ආරක්‍ෂක අංශ නිලධාරින්ට අනතුරට පත්වූවන් රෝහල් කරා ගෙන යාමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු ව තිබෙනවා



    Latest News