ලෝක බලවතාගෙන් යළි ඉරානයට සම්බාධක

නොවැ 03, 2018

    ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට අමෙරිකාව සූදානම් වෙයි. මේ මස පස්වැනිදා සිට මෙම නව සම්බාධක ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    මේ අනූව, 2015 වසරේ දී බරක් ඔබාමා ජනාධිපතිවරයාගේ පාලන සමයේ ඉරානය සමඟ ඇති කර ගනු ලැබූ න්‍යෂ්ඨික ගිවිසුම යටතේ ඉවත් කරනු ලැබූ සම්බාධක යළි පැනවීමටයි, ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත්තේ.

    ඉරානයේ බලශක්ති, නාවුක සහ බැංකු ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් මෙම සම්බාධක පනවනු ඇති බවටයි, ධවල මන්දිරය නිවේදනය කරන්නේ. ඉරානයෙන් තෙල් ආනයනය කරනු ලබන රටවල් 08කට සම්බාධක නොපැනවීමට ද අමෙරිකාව තීරණ කිරීම විශේෂත්වයක්.

    ඉරානය සමඟ ඇති කර ගත් ගිවිසුම්වලට අනූව, යුරෝපා කොමිසමට අයත් රටවල් මෙලෙස ඉරානය සමඟ ඉදිරියටත් ගණුදෙනු කිරීමට නියමිත බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

    සම්බාධක නොපැනවීමට අමෙරිකාව තීරණය කර ඇති රටවල් පිළිබඳ මෙතෙක් නිශ්චිතවම සඳහන් කර නැහැ. 

    Last modified on සෙනසුරාදා, 03 නොවැම්බර් 2018 09:52

    Latest News