සුඩානයේ සිරව සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදා ගැනේ

අප්‍රේ 29, 2023

    සුඩානයේ කොටුවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු මුදා ගෙන තිබෙන බව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    ජෙඩාහි කින් ෆයිසාල් නාවුක කඳවුරට රැගෙන ආ එම පිරිස භාර ගෙන ඇත්තේ ජෙඩාහි වැඩ බලන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා විසින් බවද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.

    සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු පසුගියදාද නිරුපද්‍රිතව බේරාගනු ලැබුවා. ජෙඩා වෙත රැගෙන ආ එම පිරිස එහි වැඩබලන කොන්සන් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් විසිනුයි භාර ගනු ලැබුවේ.

    සෞදි අරාබියේ සහය ඇතිව මෙම ශ්‍රී ලාංකිකයින් මුදාගෙන තිබෙනවා. සුඩානයේ කොටුවී සිටින සමස්ථ ශ්‍රී ලාංකිකයින් ගණන 41 දෙනෙකු බවටයි වාර්තා වන්නේ.

    ඉතිරි පිරිස ද ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහය ඇතිව නිරුපද්‍රිතව බේරා ගැනීමටයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන්නේ.

    Latest News