සුඩානයේ ලක්‍ෂ 8 කට වැඩියෙන් රට හැර යයි

මැයි 02, 2023

    සුඩානයේ, ගැටුම් හේතුවෙන් මේ වන විට ලක්‍ෂ 8 කට වැඩි පිරිසක් එරටින් පලා ගොස් ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    ඒ අතර, සුඩාන ජාතිකයින් සහ සරණාගතයින් රැසක් ද සිටින බවයි, වාර්තා වන්නේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, සුඩානයෙන් පලා ගිය ජනතාව ආසන්නයේ පිහිටි රටවල් 7 කට පලා ගොස් ඇති බවයි. සුඩාන රජයේ හමුදා සහ කැ‍රලිකාර හමුදාවන් අතර ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් මේ වන විට සිය ගණනක් ජීවිත අහිමි වී තිබෙනවා. තවත් මිලියන ගණනක් මේ වන විට ගැටුම් හේතුවෙන් දැඩි අර්බුද රැසකට මුහුණ දී ඇති බවයි, වාර්තා වන්නේ. බොහෝ පිරිස්වලට ගැටුම් සහිත ප්‍රදේශවලින් පලා යාමට නොහැකිව සිරවී සිටිනවා. තවත් බහුතරයකට ආහාර පාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකිව අසරණ වී ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News