සුඩානයේ ගැටුමට මැදි වූ ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගනී

අප්‍රේ 26, 2023

    ගැටුමට මැදි වූ ශ්‍රී ලාංකිකයින් පිරිස සුඩානයෙන් ඉවත් කර ගත් බව, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

    ඔවුන් නිරුපද්‍රිතව සෞදි අරාබියේ ජෙඩා නරගයට පැමිණියා.

    සෞදියේ මෙරට වැඩ බලන කොන්සල් ජනරාල්වරයා විසින් එම කණ්ඩායම පිළිගනු ලැබුවා. ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු මෙම පළමු කණ්ඩායමට ඇතුළත්. පසුව ඔවුන්, සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිතයි. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහය දැක්වීම පිළිබඳව සෞදි අරාබි රජයට විදේශ කටයුතු අමාත්‍යාංශය ස්තූතිය පළ කරනවා. සුඩාන රජයේ හමුදා සහ කැරලිකාර කණ්ඩායම් අතර පවතින ගැටුම් නිසා බොහෝ පිරිසක් මියගොස් තිබෙනවා. මේ නිසා රට තුළ පවතින්නේ, දැවැන්ත මානුෂීය ඛේදවාචකයක්. බ්‍රිතාන්‍ය, අමෙරිකාව ඇතුළු රටවල් රැසක් සිය රාජ්‍යතාන්ත්‍රිකයන් සහ සිවිල් වැසියන් සුඩානයෙන් ඉවත් කර ගැනීමටයි, ක්‍රියා කළේ. ලොව තවත් රටවල් රැසක් එම මෙහෙයුම් දියත් කරමින් සිටින පසුබිමක ශ්‍රී ලංකාවට පළමු කණ්ඩායම සුඩානයෙන් ඉවත් කර ගැනීමට හැකි වීම සුවිශේෂී ජයග්‍රහණයක්.

    Latest News