සටන් අවසන් නොවන සුඩානයේ දැවැන්ත ව්‍යසනයක් - UN

මැයි 03, 2023

    සුඩානයේ සටන් අවසන් නොවන්නේ නම් දැවැන්ත ව්‍යසනයක් සිදු වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    ඉකුත් අප්‍රේල් 15 වැනිදා රජයේ හමුදා සහ කැරළිකාර කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් එරටින් පළාගොස් ඇති පිරිස ලක්ෂයකට අධික බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

    සුඩානයේ තුන්ලක්ෂ තිස්හතරදහසකට පමණ පිරිසක් අවතැන්වී සිටිනවා. සටන් විරාමයක් ක්‍රියාත්මක වී තිබියදීත් දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් පවතින බවයි වාර්තා වන්නේ. දරුණුම ගැටුම් පවතින්නේ කාටුම් අගනුවරයි. දෙපාර්ශ්වය එකම සාකච්ඡා මේසයකට ගෙනවිත් කඩිනමින් තත්වය සමතයකට පත් කිරීම සඳහා විදෙස් මැදිහත්වීම් වේගවත් වෙමින් පවතිනවා. සුඩාන විදේශ අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ, හෙට සිට දින 7 ක තවත් සටන් විරාමයකට කැරලිකාර කණ්ඩායම් සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට එළඹ ඇති බවයි. ගැටුම්වලින් මේ වන විට 500 කට අධික පිරිසක් මියගොස් 4000 ක පමණ පිරිසක් තුවාල ලබා තිබෙනවා.

    Latest News