ටෝනේඩෝ පෝළිමක්

අප්‍රේ 02, 2023

    අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට බල පෑ ටොනේඩෝ සුළි කුණාටු මාලාවකින් මිය ගිය සංඛ්‍යාව 21 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    විදුලි සැපයුම අඩාලවීම හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්වුණා.

    අමෙරිකාවේ දකුණු සහ බටහිර ‍ප්‍රදේශවලට සුළි කුණාටුවලින් දැඩි හානි සිදුව තිබෙනවා. ඇතැම් ප්‍රාන්තවල නිවාස සහ ගොඩනැගිලි මුළුමනින්ම විනාශ වී ඇති බවයි, වාර්තා වන්නේ. “ආකැන්සා” “ඉලිනෝයි” සහ “ඇලබාමා” මෙන්ම “මිසිසිපි” යන ප්‍රාන්තවලට සුළි කුණාටුවලින් දැඩි හානි සිදුව ඇති බව, ප්‍රාන්ත බලධාරින් පවසනවා.

    “ආකැන්සා” ප්‍රාන්තය සඳහා ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි. සුළි කුණාටුවල බලපෑම හේතුවෙන් අධික වර්ෂා පතනයක් මෙන්ම හිම කැට වර්ෂාවක්ද ඉදිරි දිනවලදී වාර්තා වනු ඇතැයි, එරට කාළගුණ විද්‍යා අංශ පුරෝකථනය කරනවා.

    ප්‍රාන්ත කිහිපයක පන්ලක්ෂ අනුදහසකට අධික ජනතාවටකට විදුලි සැපයුම් ඇණ හිට ඇති බවයි, බලධාරින් පවසන්නේ. එරට රාජ්‍ය කුණාටු අනාවැකි මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, ඉකුත් දින 2 තුළදී එරට ප්‍රාන්ත කිහිපයකින් ටෝනේඩෝ සුළි කුණාටු 60කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවයි.

    විපතට පත් ප්‍රදේශ යළි නගා සිටුවීමට සහ අවතැන් වූ ජනතාව සඳහා ෆෙඩරල් ආධාර ලබා දීමට පියවර ගන්නා බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරනවා.

    Latest News