අමෙරිකාව අතුරුදන් වෙයිද ?

මාර් 26, 2023

    ‍අමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්ත හරහා හමා ගිය ටොනේඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ, මිසිසිපි සහ ඇලබාමා යන ප්‍රාන්තවලටයි.

    ආපාදාවට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ටෙනේඩෝව හේතුවෙන් මිසිසිපි ප්‍රාන්ත රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ගොඩනැගිලි, රථ වාහන ඇතුළු බොහෝ දෑ මුළුමනින්ම විනාශ ‍වී ඇති බවයි, වාර්තා වන්නේ. මධ්‍යම රාත්‍රියේ ටොනේඩෝව ඇති වීම නිසා, මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවට ද බලධාරින් සැක පළ කරනවා.

    ඇතැම් ප්‍රදේශවල කාලගුණ බලධාරින් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණ ද, ජනතාව ඒවා නොතකා සිටි බවට ද තොරතුරු වාර්තා වනවා. බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර, තවත් පිරිසක් අතුරුදන්.

    කාලගුණ අංශ පවසන්නේ, ටොනේඩෝව, පැයට කිලෝ මිටර 274 ක පමණ වේගයකින්, පැයක පමණ කාලයක් හමා ගිය බවයි. ජනාධිපති ජෝ බයිඩන් මේ සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති අතර, ආපදාවට පත් වූවන්ට කඩිනමින් ආධාර ලබා දෙන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

    Latest News