අමෙරිකාවට යළිත් ටොනේඩෝ අනතුරු ඇඟවීම්

අප්‍රේ 01, 2023

    ‍අ‍මෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට, ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

    “මිසුරි” ප්‍රාන්තයේ මේ වනවිට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර් තා වන්නේ.  සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව, අමෙරිකානු බලධාරීන් පවසනවා. තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර් තා වන්නේ. දකුණුදිග “ආකැන්සා” ප්‍රාන්තයට ටොනේඩෝ සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුව තිබෙනවා. එම ප්‍රාන්තයේ ‘ලිට්ල් රොක්’ නගරයේ නිවාස සහ ගොඩනැගිලිවලට මෙන්ම, මෝටර් රථවලට හානි සිදුව ඇති බව ප්‍රාන්ත බලධාරීන් පවසනවා.

    ආකැන්සා ප්‍රාන්තයට ද හදිසි තත්වයක් ප්‍රකාශට පත්කර ඇති බවයි වාර් තා වන්නේ. සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්, ‘ඉලිනෝයි’ ප්‍රාන්තයට හිම කැට වර්ෂාවක් ද පතිත වූ බව ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරනවා. ‘අයෝවා’ ප්‍රාන්තයෙන් ටොනේඩෝ සුළි කුණාටු දෙකක් ද වාර් තා වුණා. අමෙරිකාවේ ප්‍රාන්ත 15 ක මිලියන 90 කට ආසන්න ජනතාවක් සුළි කුණාටු අවදානමට ලක්ව සිටින බවයි වාර් තා වන්නේ. එරට ආරක්ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් මේ වනවිටත් ආපදාවට ලක්ව ඇති ප්‍රදේශ වෙත යවා ඇති බව අමෙරිකානු බලධාරීන් පවසනවා.

    Latest News