ඔසී ගංවතුරෙන් යට වෙයි

ජන 30, 2024
    ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්වය නිසා හදිසි සේවා මෙහෙයුම් කඩිනම් කිරීමට ප්‍රාන්ත බලධාරින් පියවර ගෙන තිබෙනවා.

    මුදා ගැනීමේ මෙහෙයුම් වඩා අසීරු වී ඇති බවයි, ආරක්‍ෂක අංශ පවසන්නේ. ගංවතුරට හසු වූ සහන සේවා භටයින් 13 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    බ්‍රිස්බෙන් නගරයට වයඹ දෙසින් පිහිටි "සැම්සොරිඩ්" නිම්නයට පැය 3 තුළ දී මිලිමීටර 300 ක වර්ෂාපතනයක් වාර්තා වුණා. එය දැඩි බලපෑමකට ලක්ව ඇති ප්‍රදේශයක් වනවා. බ්‍රිස්බෙන්හි ප්‍රදේශ කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
    අවදානමට ලක්විය හැකි ප්‍රදේශවලින් ජනතාව ආරක්‍ෂිතව ඉවත් කිරීමට බලධාරින් පියවර ගනිමින් සිටිනවා.

    Latest News