යේමනයේ දිය රකුසා 39ක් ගිලියි

අගෝ 08, 2024
    උතුරු යේමනයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගිය ගොස් තිබෙනවා.

    එරට ප්‍රාදේශීය බලධාරීන්ට අනුව හොඩෙයිඩා පළාතේ මරණ 30 ක් වාර්තා වනවා. සෙසු මරණ සිදුව ඇත්තේ, තායිස් ප්‍රදේශයේ.

    හෝඩෙයිඩා ප්‍රදේශයේ පවුල් 500 ක් පමණ තම නිවෙස්වලින් පලා ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.
    මේ අතර හවුති මාධ්‍ය ආයතන වාර්තා කළේ, ඊයේ අලුයම ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.
    වර්ෂාව ඇතිවූ කලාපයේ බොහෝ නිම්න ජලයෙන් යටවී පවතින බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට එය බාධාවක් වී ඇති බව ද වාර්තා වනවා.

    Latest News