අවසානයේ නටබුන් විතරයි

ජන 31, 2024
    ඊශ්රායලය සහ හමාස් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ ගොඩනැගිලිවලින් අඩකට වඩා හානි වී හෝ විනාශ වී ඇති බව, නවතම විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙනවා.
    විශාලතම හානිය වාර්තා වන්නේ, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්රදේශයටයි. නිවියෝ සිටි විශ්වවිද්යාලය, ඔරිගන් ප්රාන්ත විශ්වවිද්යාලය සහ බීබීසී ආයතනය සිදු කළ නවතම විශ්ලේෂණය සිදු කොට තිබෙනවා.
     
    චන්ද්රිකා දත්ත උපයෝගී කර ගනිමින් නවතම විශ්ලේෂණය සිදු කර ඇති අතර, ගාසා තීරයේ ගොඩනැගිලි එක්ලක්ෂ 44,000 ත්, එක්ලක්ෂ 75,000 ත් අතර ප්රමාණයකට හානි හෝ විනාශ වී තිබෙන බවයි, විශේලේෂකයින් පෙන්වා දෙන්නේ.
     
    එය සමස්ත ප්රමාණයෙන් සියයට 61 කට ආසන්න ප්රමාණයක් බවයි, ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ වන විට ගාසා තීරයේ ජනගහනෙයෙන් මිලියන 1.7 ක ජනතාවක් අවතැන්ව ඇති බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ, ගාසා තීරයේ සමස්ත ජනගහනයෙන් සියයට 80 ක් පමණ වනවා

    Latest News