උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාර

ජන 28, 2024

    උතුරු කොරියාව, සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයට කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව, දකුණු කොරියානු ආරක්‍ෂක අංශ පවසනවා.

    ඔවුන් පෙන්වා දෙන්නේ, උතුරු කොරියාව මෙම සතිය තුළ සිදුකළ දෙවන මිසයිල ප්‍රහාරය මෙය බවයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙම වසර ආරම්භයේ සිට එරට න්‍යෂ්ටික අත්හදාබැලීම් තවදුරටත් වේගවත් කර ඇති බවට දකුණු කොරියාව චෝදනා කරනවා.

    දකුණු කොරියානු ආරක්‍ෂක අංශ පෙන්වා දෙන්නේ, මේ තත්වය කලාපය යුද්ධයකට ඇදදැමීමක් බවයි. මේ තත්වය හමුවේ දකුණු කොරියාව අමෙරිකා එක්සත් ජනපදය සමග සහයෝගයෙන් කටයුතු කරන අතර උතුරු කොරියාවේ ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කරමින් සිටින බවද වාර්තා වනවා.

    Latest News