උතුරු කොරියාවෙන් මිසයිලයක්

දෙසැ 18, 2023

    උතුරු කොරියාව දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

    එය දකුණු කොරියාවට අයත් උතුරු නැගෙනහිර වෙරළ තීරයට පතිත වී ඇති බවයි වාර්තා වන්නේ. 

    උතුරු කොරියාව මෙම දිගුදුර බැලස්ටික් මිසයිලය අත්හදා බලා  ඇත්තේ මිට පැය ගණනාවකට පෙර දියත් කරනලද කෙටිදුර මිසයිලයට පසුවයි.

    දකුණු කොරියානු සහ ජපාන බලධාරීන් පවසන්නේ මිසයිල දෙකම උතුරු කොරියාවේ අගනුවර වන පියොන්යැන් සිට දියත් කර ඇති බවයි. දිගුදුර බැලස්ටික් මිසයිලය කිලෝමීටර් 1,000 ක් පමණ දුර පියාසර කර තිබෙනවා.  

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, කෙටි දුර මිසයිලය කිලෝමීටර 570 ක පමණ දුරක ඉල්ලකයක් වෙත පියාසර කර ඇති බවයි. උතුරු කොරියාවේ මිසයිල එකලස් කිරීම පියොංයැන්ග් හි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිතව සිදු කරන බවට සැක කෙරෙන බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී පවසනවා.

    න්‍යෂ්ටික අවි භාවිතට එරෙහිව අමෙරිකාව සහ දකුණු කොරියාව කරන ලද අනතුරු ඇඟවීමට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව මෙම මිසයිල දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.          

    Latest News