වසර 24 කට පසු පූටින් උතුරු කොරියාවට

ජූනි 18, 2024

    පසුගිය වසරේ සිදු වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ රුසියානු සංචාරයේදී සිදු කෙරුණු නිල ආරාධනයකට අනුව රුසියානු ජනාධිපතිවරයා අද (18) උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

    ඒ අනුව දෙදින සංචාරයක් සඳහා රුසියානු නායකයා උතුරු කොරියාවට යාමට සූදානම් බව ක්‍රෙම්ලීනය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

    රුසියානු ජනාධිපතිවරයාගේ උතුරු කොරියානු සංචාරය පිළිබඳ ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

    Latest News