රුසියාවෙන් නීති උල්ලංඝනයක්

ජන 05, 2024
    රුසියාව, උතුරු කොරියාවේ නිෂ්පාදිත බැලැස්ටික් මිසයිල භාවිතා කරන බව, අමෙරිකාව ප්‍රකාශ කරනවා. රුසියාව, යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී උතුරු කොරියාවේ නිෂ්පාදිත බැලැස්ටික් මිසයිල භාවිතා කොට ඇති බව, අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කොට සිටිනවා.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත කවුන්සිලයේදී අමෙරිකාව මේ පිළිබඳ කරුණු සාකච්ඡාවට ඉදිරිපත් කරන බව, ඔවුන් ප්‍රකාශ කොට සිටිනවා. ඒ අනුව, දෙරට අතර ආයුධ හුවමාරුව සඳහා පහසුකම් ලබා දෙන රටවල් සඳහා අ‍මතර සම්බාධක පැනවීමට අමෙරිකාව තීරණය කොට තිබෙනවා

    ඊයේ දිනයේ ‍ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජෝන් කර්බි කියා සිටියේ, රුසියාව, උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල මිලදී ගැනීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ බොහෝ යෝජනා සෘජුවම උල්ලංඝනය කිරීමක් සිදු කිරීමක් බවයි.
    ධවල මන්දිරය සිදු කළ මෙම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව මිසයිල දියත් කිරීමේ රථ නිෂ්පාදනය රට තුළ ඉහළ නැංවීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දැනුම් දීම් නිකුත් කොට තිබෙනවා.

    Latest News