36කට මරු කැඳවූ මිසයිලය

ජූලි 09, 2024
    රුසියාව, යුක්‍රේන‍යේ නගර රැසකට එල්ල කළ ගුවන් මිසයිල ප්‍රහාර රැසකින් 36 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
    140 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.
    කියෙව් නුවර පිහිටි යුක්‍රේනයේ විශාලතම ළමා රෝහල වන ‘ඔමැටඩ්’ රෝහලට දැඩි හානි සිදුව තිබෙනවා. එහි සියයට 70 ක පමණ ප්‍රමාණයක් මුළුමණින්ම විනාශ වී ඇති බවයි, වාර්තා වන්නේ.
    රෝහලේ සිටි වෛද්‍යවරයෙකු සහ තවත් පුද්ගලයෙකු මිය ගිය අය අතර වනවා.
    විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවයි, ආරක්ෂක අංශ පවසන්නේ.
    කුඩා දරුවන් 20 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටි ගොඩනැගිල්ලක් මුළුමණින්ම විනාශ වී තිබෙනවා.
    රුසියානු හමුදා, කියෙව් නගරය ඇතුළු නගර 5 කට මිසයිල ප්‍රහාර 40 ක් පමණ එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරය, රුසියානු ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කරන බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    Latest News