දරුවන්ට කුරිරු වූ මිසයිලය ලෝක නායකයෝ හෙළා දකිති

ජූලි 10, 2024
    යුක්‍රේනයේ විශාලතම ළමා රෝහලට ඊයේ එල්ල කෙරුණු මිසයිල ප්‍රහාරය ලෝක නායකයින් රැසක් හෙලා දැක තිබෙනවා.

    ප්‍රහාරය රුසියාව විසින් එල්ල කරන ලද්දක් විය හැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

    ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගිය අතර, ඉන් අයෙකු වෛද්‍යවරයෙකු වනවා.
    ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 1,200 දෙනෙකු පමණ රෝහලේ සිට තිබෙනවා. එම අවස්ථාවේ හෘද සැත්කම් තුනක් සිදු කෙරෙමින් තිබූ බවත් වාර්තා වන්නේ.
    ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු 300 දෙනෙකු පමණ තුවාල ලැබුවා. ලෝක නායකයින් එල්ල කරන චෝදනා රුසියානු බලධාරීන් දැඩිව ප්‍රතික්ෂේප කරනවා.
    රුසියාව පවසන්නේ, යුක්‍රේන ගුවන් ආරක්ෂක මිසයිලයක් වැරදි ලෙස එල්ල කිරීම නිසා රෝහලට පතිත වී ඇති බවයි.
    Last modified on බදාදා, 10 ජූලි 2024 14:58

    Latest News