යුක්‍රේන ගුවන් හමුදාපති ධුරයෙන් නෙරපයි

අගෝ 31, 2024
    ඉකුත් සදුදා දින රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක් අතරතුර බටහිර රටවල් යුක්රේනයට ලබාදුන් F-16 වර්ගයට අයත් ප්‍රහාරක ජෙට් යානාවලින් එකක් විනාශ වී තිබෙනවා.

    යුක්‍රේනයට ලබාදුන් නව "F-16"  වර්ගයට අයත් ප්‍රහාරක ජෙට් යානාවක් විනාශ වීමත්  සමග  යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි, ගුවන් හමුදාපති ලුතිනන් ජෙනරාල් මයිකොලා ඔලෙශුක් නෙරපා හැර තිබෙනවා.

    සිය ගුවන් හමුදා ප්‍රධානියා නෙරපා හරිම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි හේතු දක්වා නැහැ. 

    ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, ජනතාව රැකබලාගැනීම සිය වගකීම බවත්, එය එටු කිරීමට කැපවී සිටින බවයි.

    ඉකුත් සඳුදා දින රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක් අතරතුර බටහිර රටවල් යුක්‍රේනයට ලබාදුන් "F-16" වර්ගයට අයත් ප්‍රහාරක ජෙට් යානාවලින් එකක් විනාශ වී තිබෙනවා. එහි නියමුවාද මරණයට පත්වුණා.

    යානය කඩා වැටීමට හේතුව සතුරු ප්‍රහාරයක සෘජු ප්‍රතිඵලයක් නොවන බව, යුක්‍රේනය ප්‍රකාශ කළ අතර, යුක්‍රේනයේ ගුවන් ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ඔලෙෂ්ශුක් එම යානය කඩා වැටීම සම්බන්ධයෙන්  එරට දේශපාලන අධිකාරියට දෝෂාරෝපණ එල්ල කර  ඇති බවටයි,  වාර්තා වන්නේ.

    Last modified on සෙනසුරාදා, 31 අගෝස්තු 2024 09:58

    Latest News