රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක්

අගෝ 27, 2024
    රුසියාව විසින් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

    එම ප්‍රහාර හමුවේ පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    යුක්‍රේනයේ ක්‍රිවි රිහ් නගරයේ ගොඩනැගිල්ලකට ද රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
    එහි සිටි කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
    යුක්‍රේන ගුවන් හමුදා අණ දෙන නිලධාරි මයිකොලා ඔලෙෂ්චුක් පවසන්නේ රුසියාව විසින් මිසයිල 127ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 109ක් එල්ල කර ඇති බවයි.
    කෙසේවෙතත් ඉන් මිසයිල 102ක් සහ ඩ්‍රෝන යානා 99ක් යුක්‍රේනය විසින් බිම හෙලූ බවද යුක්‍රේන ගුවන් හමුදා අණ දෙන නිලධාරියා පවසනවා.

    Latest News