ඉතාලියේ 21 දෙනෙකුට දිවි අහිමි කල බස් අනතුර

ඔක් 04, 2023

    ඉතාලියේ වැනිස් නගරය ආසන්නයේ ගුවන් පාලමකින් බස් රථයක් පෙරලී ගිනි ගැනීමෙන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

    ඒ අය අතර, කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබූ අතර, 5 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. මියගිය අය අතර, යුක්‍රේන ජාතිකයන් 5 දෙනෙකු සහ ජර්මානු ජාතිකයෙකු සිටින බව බලධාරීන් කියා සිටිනවා. අධිවේගී මාර්ගය ආසන්නයේ දුම්රිය මාර්ගයකට බස් රථය පෙරලී ගිනිගත් බව ආරක්ෂක අංශ පවසනවා. බස් රථය වැනීසියේ සහ මාර්ගේරා දිස්ත්‍රික්කයේ සංචාරකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් බවයි වාර්තා වන්නේ. බස් රථය පෙරලීමත් සමග එහි මීතේන් වායුව ක්‍රියාත්මක වී විදුලි රැහැන් මතට වැටීමෙන් ගින්න හටගෙන තිබෙනවා. සිද්ධියෙන් මියගිය සියලු දෙනාගේ පවුලේ ඥාතීන් වෙත ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනෝ ශෝකය පළ කර තිබෙනවා.

    Latest News