ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩාර්ගි සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජූලි 15, 2022

    ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩාර්ගි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

    එරට සභා රජයේ එක් ප්‍රධාන පාර්ශ්වයක් ඉන් ඉවත් වීම මෙම ධුරයෙන් ඉවත් වීමට හේතු වී තිබෙන බවයි, වාර්තා වන්නේ.

    ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්ව සිටි ඉතාලිය අගමැති මාරියෝගේ මැදිහත්වීමෙන් යම් ප්‍රගතියක් අත්පත් කර ගෙන තිබුණා. නමුත්, කොරෝනා වසංගතය හා සංක්‍රමනික ගැටලුව හේතුවෙන් ආර්ථික වශයෙන් රට ඉදිරියට යෑම අඩාල වී පැවති බවයි, වාර්තා වන්නේ. පසුගිය කාලසීමාව තුළ ගත් ඇතැම් මූල්‍ය තීන්දු සම්බන්ධයෙන් ඉතාලි රජයට සම්බන්ධ පාර්ශ්ව අතර දේශපාලනික වශයෙන් මතභේදාත්මක තත්වයක් උද්ගතව පැවතියා. මේ හේතුවෙන්, ප්‍රධාන පාර්ශ්ව ඉවත් වීමට මෙසේ කටයුතු කොට තිබෙනවා. ඔවුන් ඉවත්වීමත් සමග රජයේ විශ්වසනීයත්වය බිඳ වැටීමට ලක්ව ඇති අතර, මේ නිසා ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව, සිය ලිපියෙන් දන්වා තිබෙනවා. නමුත්, මෙම ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් ඉතාලි ජනාධිපති තවමත් සිය අදහස ප්‍රකාශ කර නැති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News