පළමු අග්‍රාමාත්‍යවරිය දිවුරුම් දෙයි.

ඔක් 23, 2022

    ඉතාලියේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජෝර්ජියා මෙලෝනි ඊයේ දිවුරුම් දෙනු ලැබුවා.

    ඒ අනුව, ඉතාලියේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත් ‍වන්නේ ඇයයි. එරට දේශපාලනය තුළ අන්ත දක්ෂිණාංෂික ලීගයේ නායිකාව වන ජෝර්ජියා මෙලෝනි, ඉතාලි රජයේ නායකත්වයට පත් වූ පළමු කාන්තාව ලෙස අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සුවිශේෂත්වයක් වන බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    ඉතාලියේ පාප්වරුන්ගේ සහ රජවරුන්ගේ නිවහන වූ රෝමයේ පිහිටි “ක්විරිනල්” මාලිගයේදී ඉතාලි ජනාධිපති ස්ර්ජියෝ මැටරෙල්ලා ඉදිරියේ එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස‍ ජෝර්ජියා මෙලෝනි ඊයේ දිවුරුම් දුන්නා.

    එරට මාධ්‍ය සඳහන් කරන්නේ, මෙලෝනිගේ මෙම පත්වීම යුරෝපා කලාපයේ තෙවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉතාලියට සහ කිසිදු අවධියක එරට ආණ්ඩු බලය හිමි කර නොගත් ඉතාලියේ පශ්චාද් පැසිස් වාදීන්ට ඓතිහාසික සිදු වීමක් වන බවයි.

    කාන්තාවන් 6 දෙනෙකු ද ඇතුළුව 24 දෙනෙකුගෙන් යුත් නව කැබිනට් මණ්ඩලයක් ද පත් කළ බව එම මාධ්‍ය පවසනවා.

    Last modified on ඉරිදා, 23 ඔක්තෝබර් 2022 11:04

    Latest News