සිසිලිය සිසිල් කළ කුමරිය පණ අදී

ජූලි 10, 2024

    මධ්‍යධරණී සාගරයේ ඇති විශාලතම දූපත වන සිසිලියේ දැඩි නියං තත්වයක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් දූපත මධ්‍යයේ පිහිටි පර්ගුසා විලේ ජල මට්ටම බෙහෙවින් පහත වැටී තිබෙනවා.

    පර්ගුසා විල ලොව ඇති ස්වභාවික විල් අතුරින් එකක් වන අතර වැවේ ජල පෝෂක ප්‍රදේශය වන ස්වභාවික රක්ෂිත කැලෑ ප්‍රදේශය දිගු කලක් තිස්සේ අප්‍රිකාව සහ යුරෝපය අතර සංක්‍රමණය වන සංචාරක පක්ෂීන් සඳහා වැදගත් විවේක මධ්‍යස්ථානයක් වනවා.

    වර්ග කි.මී. 1.8 ක භූමියක් පුරා පැතිර ඇති විලේ ජල මට්ටම උපරිම ජල මට්ටම මෙන් සීයෙන් පංගුවකට පමණ සීමා වී ඇති බව විද්‍යාඥයින් පවසනවා.

    ඉතිහාසයේ පළමු වරට යුරෝපා රටකින් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයක් වාර්තා කරමින් 2021 වසරේ අගෝස්තු මාසයේ දී සෙල්සියස් අංශක 48.8 ක උෂ්ණත්වයක් සිසිලියෙන් වාර්තා වුනා. පසුගිය මාසයේද එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා වාර්තා වුනා.

    කාලාන්තරයක් තිස්සේ අඛණ්ඩව සිදුවන අහිතකර මිනිස් ක්‍රියාකාරකම් මෙයට හේතුවී තිබෙනවා.

    Last modified on බදාදා, 10 ජූලි 2024 15:55

    Latest News