ඊජිප්තුවේ ඉස්මයිලියා නගරයේ ගින්නක්

ඔක් 03, 2023

    ඊජිප්තුවේ ඉස්මයිලියා නගරයේ පොලිස් සංකීර්ණයක හට ගත් ගින්නකින් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    රෝහල් ගත කොට ඇති කිහිප දෙනෙකු අසධ්‍ය තත්වයේ පසු වන බවයි, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    රෝහල් ගත කළ පිරිස අතරින් 24 දෙනෙකු ගින්නත් සමග ඇති වූ දුම ආග්‍රාණය වීම හේතුවෙන් අසාද්‍ය තත්වයට පත්වූවන් බව, වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. ගින්න හටගත් අවස්ථාවේ රැඳවියන් විශාල සංඛ්‍යාවක් එහි සිටින බව, වාර්තා වනවා. හමුදා ගුවන් යානා දෙකක් සහ ගිලන් රථ කිහිපයක් තුවාලකරුවන් රැගෙන යාමට කඩිනමින් යෙදවූ බවයි, ආරක්‍ෂක අංශ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. ගින්නට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ. පරීක්‍ෂණ තවදුරටත් ක්‍රියාත්මක‍යි.

    Latest News