සිරියාවේ හමුදා විද්‍යාලයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය

ඔක් 06, 2023

     සිරියාවේ ''හෝම්ස්'' නගරයේ හමුදා විද්‍යාලයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සියදෙනෙකු මියගොස් තිබෙනවා.

    240 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    මියගිය පුද්ගලයන් ගණන තවත් ඉහළ යා හැකි බව වාර්තා වනවා. පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා ප්‍රහාරය සිදු කර ඇත්තේ, කැඩෙට් නිලධාරීන්ගේ පවුල්වල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති උපාධි ප්‍රදානෝත්සවයක් ඉලක්ක කර ගෙනයි. සිද්ධියෙන් කාන්තාවන් හා ළමයින් පිරිසක්ද මියගොස් තිබෙනවා. උත්සවය අවසන් වීමත් සමග ශාලාවෙන් පිටතට පැමිණි පිරිස එළිමහන් භූමියේ එක්රැස්ව සිටි අවස්ථාවේ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ බව සිරියානු සන්නද්ධ හමුදා ප්‍රධානියා පවසනවා. එරට ආරක්ෂක අමාත්‍යවරයා ද උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වී සිටි අතර, ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ, හෝම්ස් නගරයට වයඹ දෙසින් විපක්ෂය පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් බවට විශ්වාස කෙරෙනවා. ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් බාරගෙන නැහැ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිය දැඩි ශෝකය පළ කර තිබෙනවා.

    Latest News