බ්‍රෙක්සිට් අනුමත කරනවා නම් අගමැතිකම අතහරිනවා

මාර් 28, 2019

    තම බ්‍රෙක්සිට් සැලසුමට පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදෙන්නේ නම්, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව, තෙරේසා මේ පවසයි.

    තම සැලසුම් දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් ඇය මෙසේ ප්‍රකාශ කරන බවයි, විදෙස් ප්‍රවෘත්ති සේවා පවසන්නේ. යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළව අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඉදිරිපත් කරන ලද සැලසුම් අවස්ථා දෙකක දී පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්විය.

    ඒ හේතුවෙන් අග්‍රාමාත්‍යවරියගේ දේශපාලන දිවි පෙවෙත දැඩි අර්බුදයට ලක්ව තිබේ. යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යයට ලබාදී තිබූ කාලය මේ මස 29 වැනිදායින් කල් ඉකුත්ව යාමට නියමිතයි. එය මැයි මස 22 වැනි දා දක්වා දීර්ඝ කිරීමට යුරෝපා සංගමයේ සෙසු රටව්ල 27ක නායකයන්ගේ ද අනුමැතිය හිමිවිය. එම කාල පරාසය තුළ තෙරේසා මේ අග්‍රාමාත්‍යවරිය හට තම සැලසුම් සාර්ථකකර ගැනීමට සිදුවනු ඇති.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 10:03

    Latest News