බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවට යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ.

බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය හිවිසුමකින් තොරව ඉවත් වුවහොත්, යුරෝපා සංගමයේ පුරවැසියන්ට සහ යුරෝපා සංගමයේ වීසා හිමි අයට බ්‍රිතාන්‍ය තුළ නිදහසේ ගමන් කිරීමේ හැකියාව අහිමිවන බව බ්‍රිතාන්‍ය රජය කියා සිටියි.

බ්‍රෙක්සිට් ගිවිසුම සඳහාම නැවතත් නව යෝජනාවලියක් ගෙන එන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසයි.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම එරට පාර්ලිමේන්තුව තුළ යළිත් පරාජයට පත්ව තිබේ.

තම බ්‍රෙක්සිට් සැලසුමට පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදෙන්නේ නම්, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව, තෙරේසා මේ පවසයි.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ තෙරේසා මේ ඉදිරිපත්කළ ගිවිසුම දෙවැනි වරටත් ඊයේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 149කි පරාජයට පත්විය. පක්ෂය ලැබුණේ ඡන්ද 242ක් පමණි.

Latest News