අවසන් නොවන බ්‍රෙක්සිට් අර්බුදය !

අගෝ 20, 2019

    බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය හිවිසුමකින් තොරව ඉවත් වුවහොත්, යුරෝපා සංගමයේ පුරවැසියන්ට සහ යුරෝපා සංගමයේ වීසා හිමි අයට බ්‍රිතාන්‍ය තුළ නිදහසේ ගමන් කිරීමේ හැකියාව අහිමිවන බව බ්‍රිතාන්‍ය රජය කියා සිටියි.

     

    බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඔක්තෝබර් 31 වැනි දින සිදුවීමට නියමිතයි. ඒ වන විට නිසි එකඟතාවයන්වලට පැමිණීමට නොහැකි වුවහොත්, මෙම තීරණය ගැනීමට සිදුවනු ඇති බවයි බ්‍රිතාන්‍ය රජය වැඩිදුරටත් පවසන්නේ. මෙහි දී විසඳුම් දෙකක් බ්‍රිතාන්‍ය රජය වැඩිදුරටත් පවසන්නේ. මෙහිදී විසඳුම් දෙකක් බ්‍රිතාන්‍ය රජය විසින් යෝජනා කර තිබේ.

    එකක් නම්, මෙම දිනය 2021 ජනවාරි දක්වා දීර්ඝ කිරීමයි. එසේත් නැත්නම්, බ්‍රිතාන්‍යයේ වෙසෙන යුරෝපා සංගම් වැසියන්ට මාස 3ක සහන කාලයක් ලබාදී වීසා කාලය දීර්ඝ කිරීමට අවස්ථාව ලබාදීමයි.

    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2019 10:17

    Latest News