බ්‍රික්සිට් අවස්ථාවකට කල් ඉල්ලීමට අගමැති සැරසෙයි

අප්‍රේ 03, 2019

    බ්‍රෙක්සිට් හෙවත්, බ්‍රිතාන්‍ය යුරෝපා සංමයෙන් ඉවත්වීමට අදාළ අවසන් කාලසීමාව දීර්ඝ කරන ලෙස නැවත වාරයක් යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සූදානම් වෙයි.

    යුරෝපා සංගමය සමඟ අනාගත සබඳතාවන්වලට අදාළ සැලසුමකට එකඟතාවයකට එළැඹීම සඳහා කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබන් සමඟ සාකච්ජා කිරීමට ද අග්‍රාමාත්‍යවරිය අපේක්ෂා කරන බව, වාර්තා වෙයි.

    කෙසේ වෙතත් ඉවත්වී යාමට අදාල තම එකඟතා ගිවිසුම් සම්මුතියේ කොටසක් ලෙස තවදුරටත් පවතිනු ඇතැයි, තෙරේසා මේ අගමැතිවරිය අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරිය හමුවී සාකච්ජා කිරීමට තමා ද දැඩි කැමැත්තකින් පසුවන බවයි, කම්කරු පක්ෂ නායකයා පවසන්නේ.

    Last modified on බදාදා, 03 අප්‍රේල් 2019 17:01

    Latest News