'බෙඳුම්වාදයට' අනුබල දෙන කිසිවක් face book තුලින් බෑ..

මාර් 28, 2019

    'සුදු ජාතික වාදය' සහ 'බෙඳුම්වාදය' සඳහා අනුබල දෙන ප්‍රශංසා, සහයෝගය ලබාදීම්, සිදු කිරීම සම්පූර්ණයෙන්ම වළක්වන බව, ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර තිබේ.

    ලබන සතියේ සිට මෙය ක්‍රියාත්මක කරන බවයි, එම ආයතනය පවසන්නේ. මේ අනූව, ත්‍රස්තවාදය හා අන්තවාදය දිරි ගන්වන කිසිඳු ආකාරයක ප්‍රකාශයක් ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කරනු ඇති. ෆෙස්බුක් සමාගම තවදුරටත් කියා සිටින්නේ, ත්‍රස්තවාදී කණ්ඩායම් සිදු කරන ප්‍රචාරණයන් සහ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැළැක්වීමට ක්‍රියා කරන බවයි.

    එම සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගියදා සිදුවූ නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයේ දී එම ප්‍රහාරකයා සජීවී ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ එය විකාශය කිරීමට කටයුතු කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින්.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 09:36

    Latest News